Published
මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන මිල සීඝ්රයෙන් ඉහළ යාම සැළකිල්ලට ගනිමින් ඉන්ධන නාස්තිය අවම කිරීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නව තීරණයකට එළඹ තිබෙනවා.
ඒ අනුව සිය පරිවාර ආරක්ෂක රථ සංඛ්‍යාව අඩු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
සිය තීරණය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තම කාර්යාලයට දැනුම් දී නිලදාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ ඒ වෙනුවට විදුලි මෝටර් රථ භාවිතා කරන ලෙසයි.
මේ අතර ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත රජයන්හි දේශපාලන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් ද සිය රථ වාහන භාවිතය සීමාකර ඇති බව වාර්තා වනවා.




