ඉරාන යුද්ධය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් බිලියන 10 ක විදේශ විනිමය ස්ථාවර කිරීමේ පහසුකමක් ලබාදෙන ලෙස පාකිස්තානය ඉල්ලා සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මෙම කරුණ පිළිබඳව තොරතුරු දන්නා පාර්ශව දෙකක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ, පාකිස්තාන මුදල් අමාත්‍ය මුහම්මද් අවුරංසෙබ් සහ ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතර පැවැති හමුවකදී භාරදුන් ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි.

එක්සත් ජනපදය සහ පාකිස්තාන රජය අතර වසර පහක් දක්වා වූ කල්පිරීමේ කාලයකට යටත්ව, ඩොලර් බිලියන 10 ක් වටිනා 'ද්විපාර්ශ්වික විදේශ විනිමය ස්ථාවර කිරීමේ සහන පහසුකමක්' ස්ථාපිත කරන ලෙස පාකිස්තානය එම ලිපිය මගින් ඉල්ලා ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.