ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ "දරුණු ප්‍රහාරය" අවලංගු කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ධවල මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඊයේ රාත්‍රී ඉරානයට දරුණු ප්‍රහාර එල කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා සිටියා.
එහෙත් ඉරානයේ ඉහළම නායකත්වයේද අනුමැතිය ඇතිව දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡා සාර්ථක වීම නිසා සැලසුම් කළ ප්‍රහාරය අවලංගු කළ බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් කියා සිටින්නේ.
මේ වන විට දෙපාර්ශවය අවසන් එකඟතාවන්ට පැමිණ ඇති අතර, ඊශ්‍රායලය සහ සෞදි අරාබිය ඇතුළු සෙසු පාර්ශව ද ඊට කැමැත්ත පළ කර තිබෙන බව ජනාධිපතිවරයා පවසනවා.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එකඟතාවන්ට අදාල නිල ලේඛන සකස් කර අවසන් වනු ඇතැයිද ඉන්පසුව යුරෝපයේදී මේ සඳහා නිල වශයෙන් අත්සන් තැබීමට නියමිත බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා.
මෙම එකඟතාවන්ට අනුව කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය නොකරන බවට ඉරානය පොරොන්දු වී තිබෙන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසන්නේ.
ආරම්භයේ සිටම සිය ප්‍රධාන අරමුණ වූයේද එයම බව ඔහු කියා සිටියා.
එමෙන්ම, ගිවිසුමට අත්සන් තැබූ වහාම මේ වන විට වසා දමා ඇති "හෝමුස් සමුද්‍ර සන්ධිය" නැවත විවෘත කරන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසයෙන් පවසන්නේ.
මේ පිළිබඳව තමන් කලාපීය නායකයන් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ සාකච්ඡා කළ බවද සමස්ත මැදපෙරදිග කලාපයම මේ පිළිබඳව සතුටින් පසුවන බවද ඔහු පැවසුවා.
කෙසේ වෙතත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.
නමුත් මීට පෙර ඉරානය ඇමරිකාවට අනතුරු අඟවමින් කියා සිටියේ, ඇමරිකාව ඉරානය සමඟ ගැටුමකට පැමිණියහොත් වසර ගණනාවක් තිස්සේ ගැලවිය නොහැකි මඩ ගොහොරුවක එරීමට ඇමරිකාවට සිදුවනු ඇති බවයි.




