Published
නේපාල- චීන දේශසීමා ආසන්නයේ ඇතිවූ මහා හදිසි ජලගැලීම් සහ නායයෑම් ව්‍යසනයෙන් දින නවයකට පසුව, ජල විදුලි බලාගාරයකට අයත් උමඟක් තුළ සිරවී සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ දිවි බේරා ගෙන තිබෙනවා.
ඒ, මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින සහන කණ්ඩායම් විසින්.
අදාළ උමං මාර්ගය තුළින් අලුයම කාලයේ මිනිසුන්ගේ ශබ්ද ඇසී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ඒ අනුව අවම වශයෙන් තවත් පුද්ගලයින් 39 දෙනෙකු පමණ එම උමඟ තුළ සිරවී සිටිනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
මෙම ගඟ ආශ්‍රිත ජල විදුලි බලාගාර පද්ධතියේ කිලෝමීටර ගණනාවක් පුරා විහිදී ඇති විශාල උමං ජාලය තුළ තවත් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් සිරවී සිටින බවට සැක කෙරෙනවා.
නේපාලයේ සිදුවූ මෙම ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,200 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.



