Published
එක්සත් රාජධානියේ රාජකීය ගුවන් හමුදා (RAF) කඳවුරක් දෙසට ධාවනය වෙමින් තිබූ සැකකටයුතු වාහන 3 ක් සම්බන්ධයෙන් එරට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා .
ඒ,ත්‍රස්තවාදී ක්‍රියාවක් සැලසුම් කිරීම සහ පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සැකය මත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පොලිසිය පවසන්නේ අදාළ රාජකීය ගුවන් හමුදා කඳවුර දෙසට සැකකටයුතු ලෙස ධාවනය වන වාහන කිහිපයක් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වී මෙම වැටලීම සිදු කළ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනාගෙන් දැනට දැඩි ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, ඔවුන් අදාළ හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළේද යන්න පිළිබඳව එලෙස විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.




