යුක්රේනයේ කාර්කිව් (Kharkiv) කලාපයේ පිහිටි පැරණි සෝවියට් ගෑස් නළ මාර්ගයක් තුළ යුක්රේන හමුදා සෙබළුන් පසුගිය මාස 07 ක කාලය පුරා රැඳී සිටිමින් රුසියානු හමුදා සමඟ භූගත සටනක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීටරයකට වඩා මඳක් වැඩි විෂ්කම්භයකින් යුත් මෙම නළ මාර්ගය තුළ ගමන් කළ හැක්කේ බඩගාමින් පමණක් වනවා.
ඉහළ අහසේ සැරිසරන ඩ්‍රෝන යානා සහ කාලතුවක්කු ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ඔවුන් මෙම උපක්‍රමය භාවිත කරන බවයි පැවසෙන්නේ.
යුක්රේනයේ කුපියන්ස්ක් (Kupyansk) නගරය ආසන්නයේ පිහිටි මෙම භූගත සටන් බිම වෙත යුක්රේන ජාතික ආරක්ෂක බළකායේ 13 වන බළසේනාව (13th Khartiia Operational Brigade) සමඟ ගමන් කළ බීබීසී (BBC) ආරක්ෂක වාර්තාකරු ජොනතන් බීල් විසින් මේ පිළිබඳව සුවිශේෂී අනාවරණයක් සිදු කර තිබෙනවා.
සෙබළුන් විසින් "කුපියන්ස්ක් මෙට්‍රෝ" (Kupyansk metro) ලෙස හඳුන්වනු ලබන මෙම නළ මාර්ගය ඔස්සේ සෙබළුන් සහ යුද උපකරණ ප්‍රවාහනය කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කළ විදුලි වාහනයක් ද භාවිත කරන බව සඳහන්.
2025 වසරේ සැප්තැම්බර් මාසයේදී රුසියානු හමුදා කුපියන්ස්ක් නගරයට ඇතුළු වීම සඳහා මුලින්ම මෙම නළ මාර්ගය භාවිත කර ඇති අතර, පසුගිය අප්‍රේල් මාසයේදී යුක්රේන හමුදා දියත් කළ විශේෂ මෙහෙයුමකින් පසු නළ මාර්ගය ඔස්සේ කිලෝමීටර් 15 ක් ඉදිරියට යාමට ඔවුන් සමත්ව තිබෙනවා.
එම මෙහෙයුමේදී රුසියානු සෙබළුන් 100 කට අධික පිරිසක් මියගොස් තවත් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි යුක්රේන හමුදා පවසන්නේ.




