සෞදි අරාබියට එල්ල වූ හූති ප්‍රහාර හමුවේ, සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය යන රටවල යුද හමුදා ප්‍රධානීන් අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශයයි මේ බව තහවුරු කර ඇත්තේ. ”මෙකා සංයුක්ත ආරක්ෂක ගිවිසුමට” අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර, එම ගිවිසුමට අනුව එකඟතාවයට පැමිණි කිසියම් පාර්ශවයකට එල්ල වන ප්‍රහාරයක්, සමස්ත පාර්ශවයන්ටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, සෞදි විදේශ අමාත්‍ය, පාකිස්ථාන නියෝජ්‍ය අගමැති හා විදේශ අමාත්‍යවරයා සහ තුර්කි විදේශ අමාත්‍යවරයා අතර පැවැති ඉහළ පෙළේ හමුවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙම හමුවේදී මෙකා නගරයට මෙන්ම සෞදි අරාබියේ සිවිල් සහ ආර්ථික ස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර දැඩි ලෙස හෙළා දුන් අමාත්‍යවරුන්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වන වගන්තියට අනුව තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමට සෞදි අරාබියට ඇති අයිතිය නැවත අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම කලාපීය ස්ථාවරත්වය, නාවික ගමනාගමනයේ නිදහස මෙන්ම රාජ්‍යයන් අතර සාමකාමී විසඳුම් සහ යහපත් අසල්වැසි සබඳතා පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




