හෝමූස් සමුද්‍ර සන්ධියට නැගෙනහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයේදී වාණිජ නෞකාවක් මුහුදු බෝම්බයක ගැටීමෙන් ගිනිගෙන තිබෙනවා.

ඉරාන නාවික හමුදා මහජන සම්බන්ධතා කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අදාළ තෙල් නෞකාව තහනම් කරන ලද මුහුදු කලාපයකට ඇතුළු වූ අවස්ථාවේදී මෙලෙස මුහුදු බෝම්බයේ ගැටී ඇති බවයි.

ලුහුබැඳීමේ පද්ධති අක්‍රිය කර, තහනම් සහ අනාරක්ෂිත මුහුදු කලාපවලට අනවසරයෙන් ඇතුළු වීම මගින් එම නෞකා බරපතළ අවදානමකට ලක්වන බව නාවික හමුදාව එහිදී අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, අනතුරට පත් නෞකාව කුමක්ද යන්න, සිදුවූ ජීවිත හානි හෝ අලාභහානියේ ප්‍රමාණය පිළිබඳ තොරතුරු නාවික හමුදාව විසින් මෙතෙක් අනාවරණය කර නැහැ.