ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි සිය ධුරයේ පළමු නිල ඉන්දීය සංචාරය එළඹෙන ජූලි මාසයේදී සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
මෙම විශේෂ සංචාරයේදී ඇය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අනාවරණය විය.
දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ නායකයන් අතර අන්‍යෝන්‍ය සංචාරයන් තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස මෙම සංචාරය ක්‍රියාවට නැංවේ.
චීනයෙන් කලාපීය වශයෙන් එල්ල වන බලපෑම්වලට සාර්ථකව මුහුණ දීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, ජපානය සහ ඉන්දියාව අතර ආර්ථික සහ ආර්ථික ආරක්ෂණ සහයෝගීතාව යළි තහවුරු කර ගැනීමට අග්‍රාමාත්‍ය ටකායිචි මෙහිදී අපේක්ෂා කරන බව නිල නොවන වාර්තා සඳහන් කරයි.
චීනයේ වර්ධනය වෙමින් පවතින මිලිටරි සහ ආර්ථික ප්‍රසාරණය මේ වන විට ජපානයට අභියෝගයක් වී තිබේ.
මෙම පසුබිම තුළ, ඊට ඒකාබද්ධව මුහුණ දිය යුතු ආකාරය සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තකයිචි සහ මෝදි යන නායකයන් දෙපළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.




