ඊශ්රායල මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබෙනවා.
කෙසේවෙතත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පාර්ශවයට හෝ විපක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.
ආසන 120 කින් යුත් ඊශ්රායල පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට ආසන 61 ක් අවශ්ය වනවා.
එහෙත් නෙතන්යාහුගේ සන්ධානයට හිමිව ඇත්තේ ආසන 53 ක් පමණයි.
ගාඩි අයිසන්කොට් ප්රමුඛ විපක්ෂ ආසන 48 ක් ලබාගෙන ඇති අතර අරාබි පක්ෂ සන්ධානය ආසන 19 ක් හිමිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය හමුවේ කඩිනමින් නව ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡා කිහිපයක්ම මේ වන විට ආරම්භ වී ඇති බව විදේශ මාධ්ය වාර්තා කර තිබෙනවා.
කෙසේවෙතත්, මැතිවරණයේ නිල අවසන් ප්රතිඵලය ලබන බදාදා ප්රකාශයට පත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.




