බි්‍රතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණි තිබෙනවා.
ඒ, සිව්දින සංචාරයක් සඳහායි.
චාල්ස් රජුගේ මෙම සංචාරයේදි කොංග්‍රස් මණ්ඩලය ඇමතීම, ධවල මන්දිරයේ පැවැත්වෙන උත්කර්ෂවත් රාජ්‍ය භෝජන සංග්‍රහයකට සහභාගිවීම සහ නිව්යෝර්ක් නුවර සංචාරයක නිරතවීමද සිදුවීමට නියමිතයි.
අමෙරිකාව වෙත පැමිණි ඔවුන් දෙපළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් විසින් උණුසුම්ව පිළිගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී වොෂින්ටනයේ ප්‍රභූන් මෙන්ම අමෙරිකානු සෙනෙට් සභික ටෙඩ් කෲස්, භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් සහ අනෙකුත් රටවල තානාපතිවරුන් මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු පිරිසක් සමඟ චාල්ස් සහ කැමිලා යුවළ සුහද පිළිසඳරක ද යෙදී ඇති බවයි වාර්තා වුණේ.
පසුගිය සෙනසුරාදා ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී වෙඩි තැබීමක් සිදුවුණා.
එවන් පසුබිමක් තුළ බි්‍රතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ සංචාරය හේතුවෙන් අමෙරිකාවේ ආරක්‍ෂාවද දැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.




