ඇමෙරිකාවට ඇතුළු වන නීතිවිරෝධී සංක්‍රමණිකයන්, ඔවුන්ගේ මව් රටවල් නොවන වෙනත් තෙවන රටවල් වෙත යැවීමේ මතහේදාත්මක වැඩසටහන නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් පරිපාලනයට ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.
මානව හිමිකම් පිළිබඳ කරුණු දැක්වීමට පවා සංක්‍රමණිකයන්ට අවස්ථාවක් නොදෙමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයක් හමුවේ තාවකාලිකව නතර වී තිබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට මෙලෙස අවසරය ලබාදුන්නේ තෙවන වරටයි.
අදාළ නඩුව සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මාසයේදී දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමට අධිකරණය තීරණය කර ඇති අතර, එහි අවසන් තීන්දුව ලබන ජූලි මාසය වන විට නිකුත් කිරීමට නියමිතයි.
සංක්‍රමණිකයන් තමන්ගේ මව් රටවලට ආපසු යැවීමේදී අදාළ රටවල පාලකයින් ඔවුන් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ට්‍රම්ප් පරිපාලනය මෙම විකල්ප ක්‍රියාමාර්ගයට යොමු වුණා.
ඒ අනුව, අදාළ සංක්‍රමණිකයන් සමග කිසිදු සබඳතාවක් නැති වෙනත් රටවල් වෙත ඔවුන් පිටුවහල් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙම ප්‍රතිපත්තිය යටතේ මේ වන විටත් සංක්‍රමණිකයින් 25,000 ක් පමණ වෙනත් රටවල් වෙත පිටුවහල් කර ඇති බව සඳහන්.
පසුගිය වසරේදී දකුණු සුඩානය වෙත පිටුවහල් කිරීමට නියමිතව සිටි සංක්‍රමණික පිරිසක් ජිබූටි හි බහාලුම් තුළ රඳවා තැබීමේ පුවතක් කරලියට පැමිණීමත් සමග මෙම වැඩසටහන සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වුණා.




