එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඉල්ලීම පරිදි ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ණය මුදලක් ආපසු ගෙවීමට පාකිස්තානය තීරණය කර ඇති බව වාර්තා වේ.
ගෙවුම් ශේෂය පවත්වාගෙන යාමට සහය වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම අරමුදල ලබා දී තිබූ අතර, මෑතක් වන තුරුම එය වරින් වර දීර්ඝ කරමින් පවත්වාගෙන යන ලදී.
කෙසේ වෙතත්, ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් මැදපෙරදිග ඇති වී තිබෙන වත්මන් තත්ත්වය හමුවේ, මෙම අරමුදල් වහාම ආපසු ලබා දෙන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෑතකදී ඉල්ලා සිටි බව මූලාශ්‍ර පවසයි.
ජියෝ නිවුස් (Geo News) වාර්තාවට අනුව, මෙම මුදල පාකිස්ථාන මහ බැංකුවේ (SBP) සුරක්ෂිත තැන්පතුවක් ලෙස තබා තිබුණි.
පාකිස්තානය මෙම මස අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2 ක මුදල අබුඩාබි වෙත ආපසු ලබා දෙනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ පාකිස්තානය මෙම මුදල සඳහා සියයට 6 ක පමණ පොලියක් ගෙවමින් සිටි බවයි.
අතීතයේදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වාර්ෂික පදනමින් මෙම තැන්පතුව දීර්ඝ කළ නමුත්, 2025 දෙසැම්බර් මාසයේදී එය මුලින්ම මාසයකටත්, පසුව අප්‍රේල් 17 දක්වා මාස දෙකකටත් පමණක් දීර්ඝ කර තිබුණි.




