දකුණු පිලිපීනයේ මින්ඩනාඕ පළාතේ පිහිටි බන්ගා ජාතික උසස් පාසලේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ගැන මෙතෙක් අනාවරණ වී නැහැ.

එම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු බන්ගා ප්‍රදේශයේ සියලුම පාසල්වල පන්ති පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.