පසුගිය අප්‍රේල් මාසයේදී මියන්මාරයේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම විදේශ සංචාරය සනිටුහන් කරමින් ජෙනරාල් මින් අන්ග් හලින්ග් ඉන්දියාවට පැමිණියේය.

පස්දින නිල සංචාරයක් සඳහා පැමිණි ඔහු මෙම සංචාරය තුළදී දෙරටේ ආරක්ෂාව, වෙළඳාම සහ කලාපීය සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

ඉන්දියාවේ නැගෙනහිර බිහාර් ප්‍රාන්තයට ළඟා වූ හ්ලියැන්ග් මහතා, එතැන් සිට බුදුදහමේ අතිශය පූජනීය වන්දනාස්ථානයක් වන බුද්ධගයාව බලා පිටත්ව ගිය අතර, එහිදී ඔහු මහාබෝධි විහාරය වැඳපුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මියන්මාර නායකයා ජුනි මස 1 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

මීට අමතරව ඔහු ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු ද හමුවීමට නියමිතය.

මෙම සංචාරය මඟින් අසල්වැසි රටවල් දෙක අතර පවතින ශක්තිමත් ආධ්‍යාත්මික, ඓතිහාසික සහ අන්‍යෝන්‍ය ජනතා සබඳතා" පිළිබිඹු වන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.