අත්‍යවශ්‍ය නොවන ඖෂධ සඳහා වූ මිල පාලනය ඉවත් කිරීමෙන් පසු ඇතැම් ඖෂධ වර්ගවල මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවත්, අක්ෂි රෝග ප්‍රතිකාර ඖෂධවල මිල 99.3% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පාකිස්තාන තරඟකාරීත්ව කොමිසම පවසයි.
එම කොමිසම විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, සමේ රෝග සඳහා වන ඖෂධ මිල ගණන් 77.9% කින් ද, ඛනිජ ලවණ සහ විටමින් වර්ගවල මිල ගණන් 64.8% කින් ද ඉහළ ගොස් ඇති බවයි. පාකිස්තාන රජය විසින් 2024 පෙබරවාරි මාසයේදී අත්‍යවශ්‍ය නොවන ඖෂධ සඳහා වූ මිල පාලනය ඉවත් කළ අතර, අත්‍යවශ්‍ය ඖෂධ තවදුරටත් එරට ඖෂධ නියාමන අධිකාරියේ 2018 මිල ප්‍රතිපත්තිය යටතේ නියාමනය වේ.
සමාලෝචනයට ලක් කළ අත්‍යවශ්‍ය නොවන ඖෂධ නිෂ්පාදන 822 ක් අතුරින් 85.6% ක මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, මිල අඩු වී ඇත්තේ 0.2% ක පමණි. කෙසේ වෙතත්, 2023 සිට 2026 දක්වා කාලය තුළ සමස්ත මධ්‍යස්ථ මිල ඉහළ යාම 33.9% ක් වන අතර එය එම කාලසීමාවේ සමස්ත උද්ධමනයට වඩා අඩු මට්ටමක පවතී. එබැවින් සාමාන්‍ය මිල ඉහළ යාම් අසාමාන්‍ය තත්ත්වයක් නොවන බව තරඟකාරීත්ව කොමිසම සඳහන් කරයි.
මිල පාලනය ඉවත් කිරීමේ තීරණය ආපසු හැරවීම වෙනුවට, වෙළඳපොළ අධීක්ෂණය කිරීම, මිල වෙනස්වීම් පිළිබඳ මහජන වාර්තාවක් පවත්වාගෙන යාම සහ අසාමාන්‍ය ලෙස මිල ඉහළ දැමීම් පිළිබඳව විශේෂ විමර්ශන සිදු කිරීම කළ යුතු බවට එම කොමිසම නිර්දේශ කර තිබේ.




