Published
සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය භූතානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
හෙට දිනයේ පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහභාගී වීමට නියමිතයි.
එහිදී අග්‍රාමාත්‍යතුමිය “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ.
මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර නායකයින් සහ නියෝජිතයින් සමඟ සාකච්ඡාවලට එක්වෙමින් තිරසර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රජා දායකත්වය සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවල නිරත වීමට ද නියමිතව තිබෙනවා.






