අඟුරුවාතොට, පෙතිගමුව කන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 37ක් වූ හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අඟුරුවාතොට පොලීසිය පැවසුවේ.

ආරවුලක් දුරදිග යාමෙන් මරණකරුගේ සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී එම ඝාතනය සිදුකර ඇති බව දැනට සිදු කළ පොලිස් විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර මිදිගම, ගුරුබැබිල ප්‍රදේශයේ මුහුදු වෙරලේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

වයස අවුරුදු 30ත් 40ත් අතර වූ උස අඩි 05 ක් පමණ වන එම පුද්ගලයාගේ පපුවේ දකුණු පසෙහි “සත්සිඳු” හා වම් පසෙහි “නදුනි” ලෙස පච්ච කොටා තිබූ බවයි පොලීසිය පැවසුවේ.

එම පුද්ගලයාගේ මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවද මිදිගම පොලිසිය පැවසුවා.