උතුරු සහ නැහෙනහිර පළාත්වල අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාළගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර පවතින වැසි තත්ත්වය සමග නාය යාමේ අවදානම් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව කොටස යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද උදෑසන සිදු කරන පූර්ණ පරීක්ෂාවකින් පසු අවසන් තීරණයක් ගන්නා බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසනවා.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අද උදෑසන හය දක්වා එම මාර්ගය තාවකාලිකව වසා දැමීමටයි ඊයේ පස්වරුවේ තීරණය කෙරුණේ.
දැනට දැඩි අධීක්ෂණයක් යටතේ එක් මන් තීරුවකින් පමණක් එම මාර්ගයේ රථ වාහන ධාවනයට ඉඩ ලබා දී ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා නෙත් නිව්ස් කළ කරුණු විමසීමකදී කියා සිටියා.
කෙසේ වෙතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.




