Published
2027 අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද ආරම්භ වනවා.
ඒ අනුව එය අද සිට 20 වැනිදා දක්වා දින හතක් පැවැත්වීමට නියමිතයි.
ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිත අතර එම කාලය තුළ සෙනසුරාදා දින හතරක් ද විවාදය සඳහා වෙන් කර තිබෙනවා.
2027 අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කළා.
2027 වසර සඳහා වන අයවැය කථාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.



