Published
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ සිව්වන දිනය අදයි.
සිය පළමු ඉනිම ක්රීඩා කළ ශ්රි ලංකා කණ්ඩායමේ සියළු පිතිකරුවන් ලකුණු 446කට දැවී ගියා.
ධනංජය ද සිල්වා ලකුණු 167 ක් රැස් කළ අතර නායක කුසල් මෙන්ඩිස් ලකුණු 119 ක් ලබාගත්තා.
කමිදු මෙන්ඩිස් ලකුණු 58 යි.
පන්දු යැවීමේදි ශකීබ් ඛාන් ලකුණු 130කට කඩුළු 7 ක් දවා ගත්තා.
ඒ අනුව සිය දෙවන ඉනිම ක්රීඩා කරන පකිස්ථාන කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවි ලකුණු 39 ක් රැස්කර ගෙන සිටියා.
පකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 9 ක් දැවී ලකුණු 434 ක් රැස් කළා.



