Published
අස්වැසුම ප්රතිලාභ සඳහා සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව නොවැම්බර් 11 වනදා දක්වා ඒ සදහා කාලය ලබාදී ඇති බවයි එම මණ්ඩලය පැවසුවේ.
අස්වැසුම ප්රතිලාභ ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් අතරින් දහතුන් ලක්ෂ 91,830 ක් ප්රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලබා නැහැ.
ඒ අනුව එලෙස සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට සුබසාධක ප්රතිලාභ පනතේ 11 වන වගන්තිය අනුව අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි බවයි සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.




