රැදවුම් නියෝග මත පැය 72ක් ප්‍රශ්ණ කිරීමෙන් ලැබෙන තොරතුරු අනුව ආයුධ සමග අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රීආරච්චි සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව පොලීසිය පවසනවා.
ඔහු රදවාගෙන ප්‍රශ්ණ කිරීම් සිදුකරනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින්. සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා පසුගිය 16 වනදා අත්අඩංගුවට ගැනුනා.
ජීව අත්බෝම්බයක්, ටි 56 වර්ගයේ මැගසින් 02ක්, ටි 56 ජිව පතරොම් 221ක්, දශම 2යි2 වර්ගයේ පතරෙම් 103 ක්, 84 එස් වර්ගයේ ජිව පතරොම් 31ක් සහ බෝර 12 වර්ගයේ ගිනි අවියක් ඔහු සන්තකයේ තිබී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
පිළියන්දල, මාම්පේ, වවනවත්ත පාරේ පිහිටි චන්දන කත්‍රීආරච්චි හිටපු මන්ත්‍රීවරයාට අයත් නිවසේ මෙම අයුධ සඟවා තිබුණා.
අදාල ස්ථානයේ ආයුධ සගවා ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත තොරතුරක් ලැබී තිබුණු අතර ඒ අනුව ලබගත් සෝදිසි වරෙන්තුවක් යටතේයි නිවස පරීක්ෂා කෙරුණේ.
එහිදී නිවසේ ඉදිරිපස සහ පිටුපස කාමරවල සගවා තිබියදී ආයුධ සොයාගැනුනා.




