02 වන ආසියානු ප්‍රවීණයන්ගේ පිහිණුම් ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 52ක් දිනාගෙනෙ තිබෙනවා තිබෙනවා.

එම තරගාවලිය ආසියානු කළාපයේ රටවල් 09 ක පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,200 කගේ සහභාගීත්වයෙන් පසුගිය 3 වනදා සිට ඊයේ දින දක්වා ඉන්දියාවේ බැංගලෝර් නුවරදි පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා පිහිණුම් කණ්ඩායම රන් පදක්කම් 10 ක් , රිදී පදක්කම් 17 ක් සහ ලෝකඩ පදක්කම් 25 ක් දිනා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වූ 67 හැවිරිදි ජෙහාන් පීරිස් මහතා එහිදි රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 01 ක් දිනා ගැනීම විශේෂත්වයක්.

ඒ අනුව රන් පදක්කම් 52ක් දිනාගත් ශ්‍රී ලංකා පිහිණුම් කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා.