ඇඹිලිපිටිය - නෝනාගම මාර්ගයේ කිරලවැල්කටුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කුඩා දැරියක් මිය ගොස් තිබෙනවා.

නෝනාගම දෙසට ධාවනය වූ ලොරි රථයක්, එම දිශාවටම ඉදිරියෙන් නවතා තිබූ යතුරුපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකාරිය සහ දැරිය තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු එකයි මාස පහක් වයසැති, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරුගේ සහ පසුපැදිකාරියගේ දියණියයි.

සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියැදුරා අත්අඩංගුවට ගත් බවයි ඇඹිලිපිටිය පොලිසිය පැවසුවේ.