Published
ඇඹිලිපිටිය නගරයේ ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නක් හේතුවෙන් එහි සේවක සේවිකාවන් විසි දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ශ්වසන අපහසුතා හේතුවෙන් එම පිරිස රෝහල් ගත කර ඇති බවයි.
ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලටයි.
ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.




