බලශක්ති ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදකාරී තත්වයන් හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල සුළු වශයෙන් යලිත් වැඩිවීමක් සිදුවිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ මහරගම පැවැති මැයි රැළිය අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායකක මහතා සඳහන් කළේ ඉන්ධන මිල වැඩි වුවද ඒ සඳහා අවශ්‍ය සහනාධාර ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර මැයි මාසයට අදාල ඉන්ධන මිල සංශෝධනය පෙරේදා (30) දිනයේ සිදු කිරීමට නියමිතව තිබුණද එය පෙරේදා දිනයේ සිදුවූයේ නැහැ.