Published
තීරුබදු රහිතව මෙරටට ගෙන්වා එකලස් කරන ලද ජීප් රථයක් බණ්ඩාරවෙල ප්රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
ඒ, ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 19 වනදා පොලිසිය විසින් ඊට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අනුව ඔහුගෙන් කළ ප්රශ්න කිරීම් හමුවේ මෙම ජීප් රථය සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




