එල්නිනෝ තත්ත්වය හේතුවෙන් නියඟයෙන් හානි වූ වගාවන් සඳහා රක්ෂණ වන්දි මුදල් ගෙවීම අද සිට සිදුවනවා.

හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොණරාගල ආදී දිස්ත්‍රික්කවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වී බඩඉරිගු ඇතුළු භෝග වගාවන්ට හානි සිදුවු බවයි කෘෂිකර්ම හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ.

"අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාළව අපි වන්දි මුදල් එහෙම නැත්නම් ගිණුම්වලට බැර කිරීමක් කරනවා. ඒ අනුව අපි මේ මාසේ 15 වෙන්න පෙර අනුරාධපුර දිස්ත්‍රික්කය, අම්පාර ආදී හැම දිස්ත්‍රික්කයේම හැම ගොවි මහත්තයෙකුටම අදාළ වෙන වන්දි මුදල් ලබාදීම තමයි රජයේ ප්‍රධාන පරමාර්ථය. විශේෂයෙන්ම රජයේ අරමුණ වෙන්නේ මේ නියං තත්ත්වයට ලක්වෙච්ච සෑම ගොවි මහත්තයෙක්ම ලබපු නොපීඩාවන්ට, ඒ පීඩාවන් වළක්වා ගැනීමට ඉතාම කෙටි කාලයක් තුළ හානිය තක්සේරු කිරීමක් කළා. ඒ තක්සේරු කිරීම් කරලා අපි බැලුවා කොච්චර හානියක් වුණාද කියන කාරණාව. දැන් ඒ අනුව අදාළ මුදල් ප්‍රමාණය අපි ගණනය කිරීමක් කරලා අපි අද සිට ගොවි ගිණුම්වලට ඉතා විනිවිදව බැර කිරීමේ කටයුතු කිරීම කරනවා. එතෙන්දි හෙක්ටයාර එකකට රුපියල් ලක්ෂයක මුදලක් අපි බැර කිරීම කරනවා. එතෙන්දි වී ඇතුළු වගාවන්ට අක්කර පහක් දක්වා අපි මුදල් ඔවුන්ට බැර කිරීමට කටයුතු සලස්වා දීම සිදු කිරීම කරනවා."