Published
මහරගම හා පිලියන්දල පොලිස් වසම්වලදී කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑ සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මහරගම පොලිස් වසමේ අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටි නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 46 ක් වන මහරගම, පමුණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහු රන්මාල අටක් කොල්ලකා ඇති බවයි.
ඒ අනුව කොල්ලකන ලද රන්මාල උණු කර සාදාගත් රන් කැබලි 08 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
රන්මාල කොල්ලකෑම සදහා සැකකරු විසින් යොදාගත් යතුරු පැදියක් හා ව්‍යාජ යතුරු පැදි අංක තහඩුවක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




