Published
ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි කාවන්තිස්ස ඇතාට තුවාල සිදුවූයේ කෙසේ දැයි සොයා විමර්ශයක් ආරම්භ කළ බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා.
එම ඇතා මීට දින දෙකකට පෙර වනජීවි නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.
ඒ අනුව කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.




