Published
කටුනායක, හීනටියන ප්රදේශයේදී ටී-56 පතරොම් 54 ක් හා මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කෙහෙල්බද්දර කඳවුරට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25 ක් වන හීනටියන ප්රදේශයේම පදිංචි පුද්ගලයෙක්.
ඔහු විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා කටුනායක පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.




