Published
කොල්ලුපිටිය ප්‍රදේශයේදී හෝලටයක් සහ සුපිරි වෙළදසැල් සංකීර්ණයක සිදුකළ වැටලීම්වලදී කොකේන් මත්ද්‍රව්‍ය සන්තකව සිටි විදෙස් ජාතිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
ඔවුන් සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සොගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ජැමෙයිකානු ජාතිකයන් සිව් දෙනෙකු වන අතර ඒ අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




