Published
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේ දී අනතුරට ලක්ව ඇත්තේ මහරගම සිට පැමිණි බස් රථයක් බවට අනාවරණ වී තිබෙනවා.
එම අනතුර සිදුවීමත් සමග බස් රථ රියදුරු එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දුම්රියක් ධාවනය වීමට නියමිත බවට හැගවෙන දුම්රිය හරස් මාර්ග සංඥා ක්රියාත්මක තිබූ අවස්ථාවක බස් රථය ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
එහිදී බස් රථයේ පසුපස කොටස දුම්රියේ ගැටී තිබෙනවා.
බස් රථයේ සිටි පිරිසෙන් තුවාල ලැබූ 10 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි පොලීසිය පැවසුවේ.


