රුපියල් ලක්ෂ තුනක් වටිනා කොතළ හිඹුටු තොගයක් නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යාමට තැත් කළ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවයේ නියුතු රේගු නිලධාරීන් පිරිසක් විසින්.

චීන ජාතිකයෙකු විසින් එලෙස රැගෙන ආ ගමන් මලු තුළ තිබී කැබළි ලෙස සකස් කළ කොතළ හිඹුටු කිලෝ 48යි ග්‍රෑම් 600 ක් සොයාගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.

රේගු භාරයට ගත් එම කොතළ හිඹුටු තොගය රාජසන්තක කර සැකකාර චීන ජාතිකයාට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කර තිබෙනවා.