දෙහිවල ප්‍රදේශයේදී නිවසකට බලහත්කාරයෙන් කඩා වැදුණු පිරිසක් නිදා සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට කොස් මල්ලි නැමැත්තාගේ ඥාති සහෝදරයෙකු බවයි පැවසෙන්නේ.
ඔහු ”භූත කළුවා” ලෙස අන්වර්ථයකින් ප්‍රකට වී සිටියා. 46 වන වියේ පසුවූවෙකු වන මෙම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා කලක් කොස්මල්ලි නැමැත්තා සමගම ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති බවට තොරතුරු තිබෙනවා.
ඔහු බරපතළ කායික රෝගී තත්ත්වයකට පත්වීමෙන් පසු මීට සති කිහිපයකට පෙරයි නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.
පහරදීම සිදු කළ බව කියන කණ්ඩායම ත්‍රීරෝද රථයකින් පැමිණ ඇතැයි තොරතුරු තිබෙනවා.
මුහුණු ආවරණ කරගත් හතර දෙනකුගෙන් යුත් එම කණ්ඩායම පහරදීම සිදුවූ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඇත්තේ අලුයම 1යි 45ට පමණයි.
දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.



