කලුබෝවිල ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි.

එම අවස්ථාවේ නිවසේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් රැදි සිට ඇති අතර ඔවුන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

කෙසේවෙතත් අත්බෝම්බ ප්‍රහාරයෙන් නිවසට හානි සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කර වෙඩි තැබූ සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.

කෙසේවෙතත් එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුනොවූ බවයි පොලීසිය පැවසුවේ.