"Walk for Peace" හෙවත් සාම පාගමන හේතුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් හෙට (28) විශේෂ රථවාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

සාම පාගමන හෙට පස්වරුවේ කොළඹට ළගාවීමට නියමිතයි.

පසුව ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදී උත්සවයක් ද පැවැත්වෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 11:00 සිට මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

බණ්ඩාරනායක වටරවුමේ සිට බොරැල්ල හන්දිය දක්වා බේස්ලයින් මාර්ගය, මරදාන පාර, වෝඩ් පෙදෙස, ලිප්ටන් වටරවුම සහ ධර්මපාල මාවත ඒ අතර වනවා.

මීට අමතරව සී.ඩබ්.ඩබ්. කන්නංගර මාවත, නිදහස් මාවත, හෝර්ටන් වටරවුම, පිත්තල හන්දිය සහ ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගවලද අවස්ථානුකූලව වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතයි.

ඒ අනුව සිදුවිය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීම සඳහා හැකි තාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.