ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 27 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හතරවන දිනය අදයි.

අද දිනයේද පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘතයි.

පසුගිය දින තුන තුළ ලක්‍ෂ දෙකහමාරක පමණ පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණි බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති අතුල ජයකොඩි මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.

මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

අවශ්‍යතා සහිත පාසල් දරුදැරියන්ට පොත් පත් පරිත්‍යග කිරීමට මෙවරත් ප්‍රදර්ශණ භූමියේ ඇති නෙත් එෆ් එම් කුටියේ පොත් කැටය වැඩසටහන ක්‍රියාත්මක වනවා.

දක්ෂතා දක්වන දරු දැරියන්ගේ හඩ පරීක්ෂණ වැඩසටහනක්ද එහි ස්ථාපිත නෙත් එෆ් එම් ඇල්ෆා ස්ටුඩියෝ හිදී සිදුවනවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔක්තෝබර් 04 වනදා පැවැත්වෙනවා.