Published
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටවූයේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ භාණ්ඩ ගබඩාවක තිබූ රසායනික ද්‍රව්‍යයක් ජල මූලාශවලට මුසුවීම හේතුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කැළණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ ඊයේ රාත්‍රියේම සිදුකළ බවයි එම මණ්ඩලය පැවසුවේ.
ජලයෙහි කිසිදු ගැටළුවක් නොමැති බවට එහිදී තහවුරුවීම හේතුවෙන් යළි එම ප්‍රදේශවලට ජලය ලබාදීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පෙරවරුවේම පියවර ගනු ලැබුවා.




