Published
ගම්පහ, කටුගස්තර ප්‍රදේශයේ නිවසක් තුල තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත සිදුකළ සොයා බැලීමකදි එම මළ සිරුර හමුවූ බවයි ගම්පහ පොලීසිය පැවසුවේ.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ක් වූ කටුගස්තර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණ වී තිබෙනවා.
මෘත ශරීරය ආසන්නයේ රුධිර පැල්ලම් නිරීක්ෂණය වූ බවත් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ බවයි පොලීසිය පැවසුවේ.
මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




