ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, උදය ගම්මන්පිල මහතා කුලියාපිටිය පොලිසිය වෙත පැමිණ තිබෙනවා.
ඒ, අනුව පෙරවරු 10 ට පමණ ඔහු පැමිණි බවයි කුලියාපිටිය පොලීසිය පැවසුවේ.
වැඩ තහනමට ලක්ව සිටියදි මියගිය මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එලෙස කුලියාපිටිය පොලිසිය වෙත කැදවා ඇත්තේ.
අදාළ මරණය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කර තිබුණා.
ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බවයි පොලිසිය ඉන් අනතුරුව පැවසුවේ.
මේ අතර වැඩ තහනමට ලක්ව සිටියදි මියගිය මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ බිරිද ද පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබුණා.
ඒ, සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් පළවන වාර්තා පදනම් කර ගනිමින්.



