Published
2009 වසරේ සිට ගල් අඟුරු මිලදී ගැනීමේ ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කිරීම යහපත් දෙයක් බවත්, සිය පක්ෂයට ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසනවා.
ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවයා ගත් ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
අදාල කාලසීමාව තුල සිය පක්ෂයේ කිසිදු අයෙකු බලශක්ති අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර නොමැති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.




