ගාල්ල, ඩික්සන් හංදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ පෙරවරු 7.20 ට පමණ එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

රතු පැහැති කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.

එහිදී තුවාල ලැබූ පුද්ගලයා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.