Published
අනාරක්ෂිත සහ අපරීක්ෂාකාරී ලෙස ගල්කුඩු ප්‍රවාහනය කළ ලොරි රථයක් කළුතර දකුණ පොලිසිය විසින් සිය භාරයට ගනු ලැබ තිබෙනවා.
ගාලු පාරේ ධාවනය කරමින් තිබූ එම ලොරි රථයේ පිටුපස දොර විවෘත වීමෙන් කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ මීටර් 800කට ආසන්න දුරකට ගල්කුඩු වැටී තිබූ බවයි පොලීසිය පැවසුවේ.
මේ හේතුවෙන් ගාලු පාරේ එම ගල්කුඩු මතින් ධාවනය කිරීමට උත්සාහ කළ යතුරු පැදි 4ක්ද අනතුරට ලක්ව තිබෙනවා.
එම සිද්ධියත් සමග අලුයම් කාලයේ ගාලුපාරේ ගල් කුඩු වැටී ඇති ස්ථානයේ එක් මංතීරුවක් අලුයම් කාලයේ වසා දැමුණා.
මාර්ගයේ වැටී තිබූ ගල් කුඩු කඩිනමින් ඉවත් කර වසා දමා තිබූ මංතීරුව රථ වාහන ධාවනය සදහා යළි විවෘත කළ බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




