කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවීම් පිළිබද දැනුම් දෙන හදිසි ඇමතුම් අංකය විසන්ධි වී තිබෙනවා.

එය යථා තත්ත්වයට පත් කර තෙක් කොළඹ සහ අවට ප්‍රදේශවල ගිනි ගැනීම් පිළිබද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය අමතන ලෙසයි එහි අධ්‍යක්‍ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පැවසුවේ.