Published
ලබන සඳුදා සිට වී මිලදී ගැනීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා.
එහි සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ මෙම දිනවල වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශ්රිත වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම් ආරම්භ කරන බවයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
කෙසේවෙතත් ගොවීන් පවසන්නේ වී මිලදී ගැනීම සදහා රජය ප්‍රකාශිත මිල ගණන් ප්‍රමාණවත් නොවන බවයි.
එම මිල ගණන් ඉහළ දමන ලෙසට බලකරමින් ගොවීන් පසුගිය දින කිහිපය පුරාම විරෝධතාවල ද නිරත වුණා.




