රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම ඔහු විසින් මෙතෙක් දැරූ සියලු තනතුරු වහාම ක්රියාත්මක වන පරිදි අත්හිට වූ බවද සමගි ජනබලවේගය පැවසුවා.
චරිත් අබේසිංහ මහතා අල්ලස් ලබාගත් කියන 2023 වසර වන විට ඔහු පක්ෂයේ සාමාජිකයෙකු ලෙස හෝ සංවිධායකවරයෙකු ලෙස හෝ කටයුතු කර නොමැති අතර චරිත් අබේසිංහ මහතා එවකට සමගි ජනබලවේගයේ කිසිදු තනතුරක් ද නොදැරූ අයෙකු බවයි නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් සමගි ජනබලවේගය කිසිදු විටෙක දූෂණයන්ට හෝ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට අදාළව නීතිය ක්රියාත්මක කිරීමට සහ අධිකරණමය ක්රියාමාර්ග ගැනීමට විරුද්ධ නොවන බවයි එම පක්ෂ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.




