පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා තවදුරටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ ලබාදෙමින් සිටිනවා.

එම කොමිෂන් සභාව කළ දැනුම් දීමකට අනුව ප්‍රකාශයක් ලබාදිම සදහා මන්ත්‍රීවරයා අල්ලස් කොමිසම හමුවට පැමිණියේ පෙරවරුවේයි.

සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් එලෙස ප්‍රකාශ සටහන් කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ඔහුගෙන්ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි වාර්තා වුණේ.