මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදේශගතව සිටින ‘චූවා සමන්ත‘ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරීන් කණ්ඩායමක් දෙහිවල පොලිස් වසමේ අපරාධ නිවාරණ හා දූෂණ මර්දන රාජකාරියේ යෙදී සිටියදීයි.

එහිදි අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11 ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු දෙහිවල බණ්ඩාරනායක මාවතේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

ඔහු වැඩිදුර විමර්ශන සදහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවසුවේ.